Friday, September 23, 2011

හෙද සේවාවට කලා හා වාණිජ අංශයෙන් හෙද කණ්ඩායමක් බඳවා ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ. ව. 11.30 ට

අමාත්‍ය මණ්ඩලය 2010.10.10 දින අනුමත කල හෙද සේවා ව්‍යවස්ථාවට පටහැනිව කලා හා වාණිජ අංශවලින් හෙද පුහුණුවට කණ්ඩායමක් බඳවා ගැනීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කරමින් සිටි. 

හෙද සේවයට හෙද ව්‍යවස්ථාව අනුව බඳවාගත යුතු වන්නේ අ.පො.ස. උසස් පෙල විද්‍යා අංශයේ z අගය මත වන අතර, එසේ නොකර උක්ත තීරණය ක‍්‍රියාත්මක වුවහොත් හෙද සේවාවේ වෘත්තීමය තත්ත්වය බාල්දු වීම, ජාත්‍යන්තර පිළිගැනීම අඩුවීම හා හෙද සේවාවේ පැවැත්ම අභියෝගයන්ට ලක්වීම සිදුවනු ඇත. 

මෙම තත්ත්වයට එරෙහිව මෙම නීත්‍යානූකූල නොවන හා අසාධාරණ තීරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් 2011 සැප්තැම්බර් 23 සිකුරාදා පෙ.ව.11.30 ට ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන ලදී. 












Monday, September 19, 2011

නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව




රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ACILS ආයතනය සමග එක්ව උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන සංගමයේ සමාජික හෙද නිළධාරීන් වෙනුවෙනුවෙන් සංවිධාන කළ නායකත්ව පුහුණු දෙදින අධ්‍යාපනික වැඩමුලුව 2011-09-15/16 දෙදින කොළඹ ලංකා වතුසේවා නිළධාරීන්ගේ සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැති අතර, එහිදි

1. ජුනි මස අවසානයේ ත‍්‍රිකුණාමලයේ පැවති වැඩමුලුව පිළිබද පසු විපරම
2. වෘත්තීය සමිති නායකයෙකු වශයෙන් භූමිකාව සකස්කර ගැනීම
3. ඉදිරි වැඩමුලු උතුරු හා නැගෙනහිර පළාත් වල සංවිධානය කිරීම යන අරමුණු වලට සාර්තකව ලගා වීමට හැකි වු අතර, මෙ සදහා උතුරු හා නැගෙනහිර පළාත් නියෝජන කරමින් සමාජික යන් 20 පමණ සහභාගි විය

විශේෂ නිවේදනයයි

2012 ජනවාරී 01 වන දින සිට බලාත්මක විය යුතු හෙද සේවයේ 2011 වසර සඳහා ස්ථාන මාරු අයදුම්පත්
2011.09.30 දිනට පෙර ආයතන ප‍්‍රධානියා හරහා
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන්න.
ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ
සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි 

පිටපතක් හා අදාල තොරතුරු 
සංගමයට එවන්න


සම්බන්ධීකරණය

  • ජයන්ත විමලසිරි  – 0714941438
  • නන්දසේන – 071 4444461
  • උපාලි විජේකොන් – 0714428544
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය

Tuesday, September 13, 2011

හෙද සේවාවට බඳවා ගැනිමේ අධ්‍යාපන සුදුසුකම් පහත දමා බඳවා ගැනීමට එරෙහිව, උද්ඝෝෂණය 2011.09.14 බදාදා - දහවල් 12.00 ට - කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී

    උතුරු නැගෙනහිර හෙද සේවාවට බඳවා ගැනීම සඳහා දැනට පවතින අධ්‍යාපන සුදුසුකම් අඩුකර අ.පො.ස. උසස් පෙළ කලා හා වාණිජ අංශවලින් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත.
   
    2010.11.01 දින සිට ක‍්‍රියාත්මක හෙද ව්‍යවස්ථාවේ 7.2.4. වගන්තිය අනුව හෙද සේවාව සඳහා බඳවා ගැනීමේ දී අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා, ගණිත හා කෘෂි විද්‍යා ධාරාවන්ගෙන් ’ අගය මත පමණක් බඳවා ගත යුතු බව පැහැදිලිව දක්වා ඇත. 2010 ට පෙරද හෙද සේවාවට බඳවා ගනු ලැබුවේ අ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් වන අතර, මෙසේ අධ්‍යාපන සුදුසුකම් අඩුකර බඳවා ගැනීම කිසිසේත් අනුමත කල නොහැක.
    මෙලෙස  බඳවා ගනු ලැබුවහොත්,

1.    ඉදිරියේදී නියම අධ්‍යාපනයක් නොලද හෙද නිළධාරීන්ගෙන් රෝගී සත්කාරය ලබා ගැනීමට ජනතාවට සිදුවීම
2.    ජාතිකව හා ජාත්‍යන්තරව හෙද සේවාවට පවතින වෘත්තීමය තත්ත්වය හෑල්ලූවට ලක් වීම
3.    හෙද අධ්‍යාපනය විද්‍යා විෂය මත පදනම් වුවක් බැවින් කලා හා වාණිජ අංශවලින් බැඳෙන ළමුන්හට හෙද පුහුණු විෂය නිර්දේශයේ විශයයන් ග‍්‍රහණය කරගත නොහැකිවීම යන බරපතල ගැට`ඵ වලට හෙද සේවාවට මුහුණු දීමට සිදුවනු ඇත.

    අප දිගින් දිගටම ලිඛිතව හා වාචිකව මේ පිළිබඳව විරෝධය පලකර තිබීයදීත් මෙම තීරණය ක‍්‍රියාත්මක කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණ 2011.07.17 දින යාපනය, 24 දින මඩකලපුව හා 25 දින අම්පාර දී ද පවත්වා ඇත.

     මෙම තීරණය අවලංගු කිරීමට බල කෙරෙන උද්ඝෝෂණ ව්‍යාපාරයේ පළමු පියවර ලෙස මඩකලපුව හා කල්මුනේ අෂ්රෆ් රෝහල් ඉදිරිපිට දී අගෝස්තු 03 දින අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි. එසේම මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම් සමග අගෝස්තු 03 බදාදා සාකච්ඡුාවක් පවත්වන ලද අතර, එහිදි අවසාන විසදුමක් ලබාදීමට අපොහොසත් විය. එනිසා අගෝස්තු 10 දින ත‍්‍රි‍්‍රකුණාමල රෝහල ඉදිරිපිට දී ද උද්ඝෝෂණ ව්‍යාපාරයක් අප සංගමය විසින් ක‍්‍රියාත්මක කරන ලදි.

    ගැටඵවට විසදුම් ලබාදීමට මෙතෙක් අපොහොසත් නිසා මීළඟ පියවර ලෙස  සේවාවේ අනාගත අභිවෘද්ධියට බලපෑමක් ඇති කරන සේවා තත්ත්වය පහත වැටීමට හෙතුවන මෙම තීරණයට එරෙහිව බලපෑමක් සිදු කිරීම සඳහා හෙද නිළධාරීන් 2011.09.14 දින මධ්‍යාහ්න 12.00 සිට ප.ව. 1.00 දක්වා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

    මෙම උද්ඝෝෂණය ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය නිළධාරීන් යොදවන ලෙස කාරුණිකව ඉල්ලමි. 

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය
                   

Application Form Tamil